වනඅලින් දුම්රියවල ගැටීම වළක්වා ගැනීම සඳහා සකස් කළ පරික්‍ෂණ වාර්තාවක්, අදාළ ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරි දින කිහිපය තුළ ඉදිරිපත් කරන බව පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා පවසනවා.
මඩකලපුව දුම්රිය මාර්ගයේ ක්ෂේත්‍ර චාරිකාවකින් අනතුරුව හඳුනාගත් කරුණු ඇසුරෙන් එම වාර්තාව සකස් කරන බවයි ඒ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මඩකලපුව සහ ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයන්හි හඳුනාගත් කිලෝ මීටර් 45ක පමණ කොටසක සිල්පර කොටන් අතර පස් පිරවීම සිදු කළ බවටයි අදාළ ක්ෂේත්‍ර චාරිකාවේදී හඳුනාගෙන ඇත්තේ.
අදාළ දුම්රිය මාර්ගවල ධාවනය කෙරෙන දුම්රියන්හි ඉදිරිපස විදුලි ආලෝක පහන්වල ආලෝකය ප්‍රමාණවත් නොවන බැවින් නව විදුලි පහන් සවි කිරීමටද යෝජනා වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා.