Sunday, March 9, 2025

General line - 0115112241

මර්වින් සිල්වා මහර බන්ධනාගාර රෝහලට.



රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහර බන්ධනාගාරයට ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබුවා.

ඔහු එම බන්ධනාගාරයේ රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

සාමාන්‍යයෙන් මහර බන්ධනාගාරයට රැගෙන එනු ලබන නවක රැඳවියන් බන්ධනාගාර රෝහලේ පළමුව රඳවනු ලබනවා.

පැය විසි හතරක කාලයක් එම රෝහලේ රඳවා ගන්නා නවක රැඳවියන් එම කාලය තුළ වෛද්‍යවරයෙකුට යොමු කෙරෙනවා.

වෛද්‍යවරයාගේ නිර්දේශමත අදාළ නවක රැඳවියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නම් මහර බන්ධනාගාරයේ වෙනත් වාට්ටුවක රඳවනු ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව අද දිනයේ බන්ධනාගාර වෛද්‍යවරයා ලබාදෙන නිර්දේශ මත හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.