Sunday, March 9, 2025

General line - 0115112241

නීතිවිරෝධී ගිනි අවි 05ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට



මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත නිකවැරටිය කැබැල්ලෑව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 48 හැවිරිදි කැබැල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු නෙළුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නෙළුව පොලිස් වසමේ පන්නිලමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

මහියංගණය ප්‍රදේශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඒ, මහියංගණය ගොඩකුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.