Sunday, March 9, 2025

General line - 0115112241

අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග 400ක ගැටලු ජනතා සහභාගිත්වයෙන් විසඳීමට ආණ්ඩුවෙන් සැලසුම්



අයවැය කාරක සභා විවාදයේ 08වන දිනය අදයි.

ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා සහ නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද දිනයේ විවාදයට ගැනෙනවා.

විවාදය ආරම්භ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙලෙස අදහස් පළ කළා. 


එහිදී වරාය ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙලෙස අදහස් පළ කළා. 


ඉන් අනතුරුව ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විවාදයට එක් වුණා.

අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග 400ක් පමණ රට පුරා පවතින බවත් පෞද්ගලික හා ජනතා සහභාගිත්වයෙන් ඒවා ආරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග බවට පත් කිරීම මෙම වසර තුළ සිදු කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. 


ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙතෙක් කාන්තාවන් රාජකාරී නොකළ තනතුරුවලට කාන්තාවන් බඳවා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී කියා සිටියා. 


අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තවත් තොරතුරු සවස 06යි 45 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.