පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 38ක් මේ වන විට ඇප තැන්පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ පළාත් පාලන ආයතන 88ක් සඳහා එම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇප තැන්පත් කර ඇති බවයි.
දිස්ත්‍රික්ක 16ක පළාත් පාලන ආයතන වෙනුවෙන් එම ඇප තැන්පත් කිරීම සිදු කර ඇති බවයි මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.