ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට අද පස්වරුවේ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව කඩා වැදෙනු ඇතැයි එරට කාලගුණ බලධාරීන් පවසනවා.
ඒ අනුව එම සුළි කුණාටුව හේතුවෙන් දකුණු ක්වීන්ස්ලන්තයට සහ උතුරු නිව් සවුත්වේල්ස් ප්‍රදේශවලට බලපෑම් එල්ල වනු ඇති බවටයි මේ වන විටත් අනතුරු අඟවා ඇත්තේ.
තද වැසි සමග අද සහ හෙට දිනයේදී ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කල හැකි බවට එරට කාලගුණ බලධාරීන් ජනතාව දැනුවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට සිය නිවෙස්වල රැඳී සිටින ලෙසටද දැනුම් දී තිබෙනවා.
ඉදිරි පැය 24 තුල මිලිමීටර් 200 කට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කල හැකි බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම පැයට කිලෝමීටර 85 දක්වා තද සුළං ඇති වීමටද හැකියාවක් පවතිනවා.
මේ හේතුවෙන් බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවල දහස් ගණන් ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ වන විටත් පාසල් දහසකට ආසන්න සංඛ්‍යාවක් තාවකාලිකව වසා දමා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට අමතරව සුළි කුණාටුව හේතුවෙන් එරට පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතර ගුවන්තොටුපලවල්ද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.