මෙම වසරේදී චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ 04ක් සිදු වීමට නියමිත බව ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
එම ග්‍රහණ 4න් දෙකක් පූර්ණ චන්ද්‍රග්‍රහණ බවයි ඔහු කියා සිටියේ.
මාර්තු මස 13 , 14 දිනවල පූර්ණ චන්ද්‍රහණයක් සිදු වීමට නියමිත අතර එය මෙරටට දිස් වන්නේ නැහැ.
සැප්තැම්බර් 21 වනදා සිදුවීමට නියමිත පූර්ණ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවා.