අරගල කරන ලද සියලු කාන්තාවන්ට ප්‍රණාමය පුද කරනබව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඔවුන් එලෙස අරගල කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස මන්ත්‍රීවරියන් විසි දෙදෙනෙකු පාර්ලිමේන්තු වරම් ලැබූ බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය මෙම අදහස් පළ කළා.
වර්තමානයේ කාන්තා දේශපාලන හඬට වැඩි ඉඩක් ලැබී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය.
මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 09 වන දිනය වූ අද දිනයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමද විශේෂත්වයක්.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය විවාදය ආරම්භ කළා.