ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලකදී ගුරුවරයෙකු විසින් ගුරුවරියකට සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.
ජාතික ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි මහත්මිය පැවසුවේ පහර කෑමට ලක්වූ එම ගුරුවරිය රෝහල්ගතව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග මෙන්ම විනය ක්‍රියාමාර්ගද ගන්නා බවයි.