Sunday, March 9, 2025

General line - 0115112241

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන, සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක්



කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන, සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

එම ආයතනය ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතිනවා.

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන පාඨමාලා පිළිබඳ වසර ගණනාවක් තිස්සේ උද්ගතව ඇති ගැටලුකාරි තත්ත්වය සහ ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත නිර්දේශ සහ යෝජනා ලබා ගැනීම සඳහා අදාළ කමිටුව පත් කර තිබෙනවා.

කමිටුව සඳහා නිලධාරීන් හය දෙනෙකුගෙන් සමන්විතයි.

එහි කැඳවුම්කරු ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක මහත්මිය පත් කර තිබෙනවා.

එමෙන්ම කමිටු සාමාජිකයන් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න කමිටු සභාපතිවරයා ලෙස පත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.