Sunday, March 9, 2025

General line - 0115112241

කූට ලේඛන සැකසු තවත් ජිප් රථයක් පොලීස් භාරයට

නිහාල්සිරි ගම්ලත්



කූට ලේඛන සකස් කර සකසන ලද අලු පැහැති ජිප්  රථයක් දැරණියගල ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.  

ඒ,  අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි.

එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙහිඕවිට සහ ඉහළ තල්දුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

එම ජීප් රථය සඳහා වෙනත් වාහනයක තොරතුරු ඇතුළත් කර ඇති බවයි සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අදාළ ජීප් රථය ව්‍යාජ තහඩු අංක යොදා දීර්ඝ කාලයක සිට භාවිත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.  

එම ජීප් රථය යොදා ගනිමින් යම් අපරාධයක් සිදු කර ඇත්දැයි සොයා තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.