Sunday, March 9, 2025

General line - 0115112241

පුංචි ඡන්දයට සජබයෙන් තරඟ කරන අපේක්ෂකයන් ගැන අනාවරණයක්



වෘත්තිකයින් ද ඇතුළත් ජනතාව පිළිගන්නා පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සිය පක්ෂයෙන් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ කිසිදු දූෂිත පුද්ගලයෙකු සඳහා සිය පක්ෂයෙන් නාමයෝජනා භාර නොදෙන බවයි. 


එක්සත් ජාතික පක්ෂය සමඟ සිය පක්ෂය සිදු කරනු ලබන සාකච්ඡා ද ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව යළි ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසුවා. 


මේ අතර පළාත් පාලන ආයතන 168ක් සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 07 වනදා පස්වරු 04.15 වන විට දේශපාලන පක්ෂ 18ක් සහ ස්වාධීන කණ්ඩායම් 57ක් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.