Sunday, March 9, 2025

General line - 0115112241

ගම්පහ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන



ගම්පහ, අක්කරවිට ප්‍රදේශයේ සිදුකල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් අලෙවි කිරීමේ වෙළඳසැලක් වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර තිබුණේ ඊයේ පස්වරුවේදීයි.

එහිදී තුවාල ලැබූ අදාළ අලෙවිසැලෙහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන් කටුගස්තර සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.