Sunday, March 9, 2025

General line - 0115112241

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර



රුසියාව විසින් යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ කාර්කිව් ප්‍රදේශවලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තවත් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. 

ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි 08ක් සහ පරිපාලන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කාර්කිව් සහ ඔඩේසා ඇතුළු අනෙකුත් ප්‍රදේශවල නිවාස සහ යටිතල පහසුකම්වලට හානි සිදු වී ඇති බවද සඳහන්.

යුක්රේන රජය පවසන්නේ, මෙය සති තුනක් තුළ කලාපයේ බලශක්ති පද්ධතියට එල්ල වූ හත්වන ප්‍රහාරය වන බවයි.