ඉදිරියේදී පවත්වනු ලබන සෑම මැතිවරණයකින්ම කාන්තා නියෝජනය වැඩිකර ගැනීමට ගත හැකි උපරිම උත්සාහය ගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩිම කාන්තා නියෝජනය ලබා ගැනීමට හැකි වීම කාන්තාවන් ලැබූ ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
මේ අතර රට තුළ ශ්‍රම බලකායට කාන්තාවන් යොමු වී සිටින්නේ සීමා සහිත කොටසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එහෙත් ලෝකයේ රටවල්වල ශ්‍රම බලකායට කාන්තා නියෝජනය වැඩිපුර එක්කර ගන්නා බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.