ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් ඕස්ටේ්‍රලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලයන් තුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට විදුලිය අහිමි වී තිබෙනවා.
සුළි කුණාටුව හේතුවෙන් තද සුළං සහ වර්ෂාව ඇති වන බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ වන විට ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.
මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කළ හැකි බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
සුළගේ වේගය පැයට කිලෝමීටර 90 දක්වා වර්ධනය වීමට ද හැකියාවක් පවතිනවා.
මේ හේතුවෙන් ඉප්ස්විච්, ජිම්පි යන ප්‍රදේශවලට ද බලපෑම් ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.