අනුරාධපුර පොලිස් ස්ථානයේ වැසිකිලිය තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර පොලීසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙක්.
සැකකාර කොස්තාපල්වරයා වැසිකිලිය තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක, ඒ බව ස්ථානාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.
ඒ අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා සන්තකව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 170ක් සොයාගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.