Monday, March 10, 2025

General line - 0115112241

කතරගම බස්නායක නිළමේ අද CIDයට



කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ, ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඔහුට කර ඇති දැනුම්දීමක් අනුවයි.

කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිවිල් ක්‍රියාකාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව එම ප්‍රකාශය ලබා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව කතරගමට පැමිණ අදාළ ප්‍රකාශය සටහන් කර ගත හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බස්නායක නිලමේවරයාට දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් මහජන මුදල් වැය කරමින් කතරගමට පැමිණීමට අවශ්‍ය නොමැති බවත්, තමන් මෙම සතියේ කොළඹ සිටින බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ප්‍රකාශය ලබාදිය හැකි බවත් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව ඔහු අද පෙරවරු 11.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.