Monday, March 10, 2025

General line - 0115112241

පුත්තලම - කොළඹ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් සහ කුඩා දැරියක් මරුට



පුත්තලම - කොළඹ මාර්ගයේ ගලහිටියාව හන්දිය අසලදී ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් සහ කුඩා දැරියක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ පුත්තලම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 06 දෙනෙකු හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනෙකු හා එක්දැරියක් මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මියගිය කාන්තාවන් දෙදෙනා අවුරුදු 32, 36 යන වයස්වල පසු වූවන් වන අතර මියගිය දැරියගේ වයස අවුරුද්දක් වන බවද පොලීසිය පැවසුවා.

ඔවුන් මිනුවන්ගොඩ හා රාගම ප්‍රදේශවල පදිංචිව සිට තිබෙනවා.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.