Wednesday, May 21, 2025

General line - 0115112241

නාම යෝජනා හදන්න කලින් මේ ගැනත් හිතන්න - පැෆ්රල් සංවිධානය



නාම යෝජනා සකස් කිරීමේදී මැතිවරණ කොමිෂම විසින් ලබාදී තිබෙන නිර්දේශ මත නාම යෝජනා සැකසීමට දැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ නාම යෝජනා සකස් කිරීමේදී තරුණ හා කාන්තා නියෝජනය ප්‍රතිශතයන්ට අනුකූලව ඇතුළත් කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.


නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව දින කිහිපයක් ඇතුළත මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.