Thursday, April 10, 2025

General line - 0115112241

කැනඩාවට නව අග්‍රාමාත්‍යවරයෙක් 



කැනඩාවේ 24 වන නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාර්ක් කාර්නි තේරී පත්ව තිබෙනවා.

ඒ ජස්ටින් ටෲඩෝ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඊයේ (09) සවස පැවති පළමු ඡන්ද විමසීමේදී

ඊයේ (09) සවස පැවති පළමු ඡන්ද විමසීමේදී මාර්ක් කාර්නි ඡන්ද 131,674ක් එනම් 85.9% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය.

ඔහුගේ ළඟම ප්‍රතිවාදියා වූ ටෲඩෝගේ හිටපු මුදල් ඇමති ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් ඡන්ද 11,134ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්විය.

ප්‍රතිවාදීන් තුන් දෙනෙකු පරාජය කරමින් මාර්ක් කාර්නි කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමද විශේෂත්වයක් වනවා.

1965 මාර්තු 16 වන දින උපත ලැබූ ඔහු 1988 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියත් පසුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලබා ගත්තේය. 

පසුව 59 හැවිරිදි වියේ පසුවන මාර්ක් කාර්නි කැනේඩියානු සහ බ්‍රිතාන්‍ය මහ බැංකුවල අධිපතිවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා 

 නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ මාර්ක් කාර්නි ලබන සතියේ අගමැතිධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ජයග්‍රහණයෙන් පසු මාර්ක් කාර්නි අමෙරිකානු ජනාපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ද අදහස් පලකර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ අපේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කරන කෙනෙක් සිටින බවත් ඔහු කැනේඩියානු කම්කරුවන්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට පහර දෙන බවයි.

තවද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ වෙළඳ යුද්ධය ජය ගැනීමට සුදානම් බව සඳහන් කර තිබෙනවා.

හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෘෘඩෝ වසර 09ක කාලයක් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම ලිබරල් පක්ෂය නායකයා ලෙස ද කටයුතු කළේය.

2013 වසරේදී ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි අවස්ථාවේ දී ටෘෘඩෝ එම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වුනා.