මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මහව පොලිස් වසමේ ලියනගම ප්‍රදේශයේදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකල වැටලීමකදීයි.
එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මහව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 60යන වයස්වල පසුවන මහව හා ලියනගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
මේ අතර විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා රාජගිරිය කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටදෙනියාව පොලිස් වසමේ දොරොව්ව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන දොරොව්ව, දිවුල්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුවෙකු ඉදිරි විමර්ශන සඳහා කොටදෙනියාව පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.