Monday, March 10, 2025

General line - 0115112241

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙන සැලසුම අගමැතිනිය මැති සබයේදී හෙළි කරයි



අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 10 වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

අධ්‍යාපන, අද දිනයේ විවාදයට ගැනෙන්නේ උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.

එම විවාදය ආරම්භ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා අදහස් පළ කළා.

ඉන් අනතුරුව විවාදයට එක් වුණේ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියයි.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා.


යේජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් විෂය නිර්දේශය පමණක් වෙනස් නොවන බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී කියා සිටියේ.


ඉන් අනතුරුව විවාදය එක් වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.