Monday, March 10, 2025

General line - 0115112241

රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛවලටත් සංශෝධන



රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනම තවදුරටත් විධිමත් කිරීම සඳහා පවතින චක්‍රලේඛයන් අවස්ථානුකූලව සංශෝධනය කරන බව රජය පවසනවා.

රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී විශාල ලෙස දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුව ඇති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.