Monday, March 10, 2025

General line - 0115112241

අවස්ථාවක් ලැබුණොත් පුංචි ඡන්දයට එන්න, හිටපු කතානායකවරයෙක් සූදානමින්



තමන් එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානම් බව හිටපු කතානායකවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ද වන චමල් රාජපක්ෂ මහතා පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕනෑම පළාත් පාලන ආයතනයකට තරග කිරීමට තමන් සූදානමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ.

තංගල්ල, කාල්ටන් නිවසේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තේරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.