Monday, March 10, 2025

General line - 0115112241

ලොව ප්‍රකට ගායක ඇලෝ බ්ලැක් දිවයිනට



සංගීතයෙන් ඔබ්බට විහිදුණු ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයෙකු, ගීත රචකයෙකු සහ ව්‍යවසායකයෙකු වන ඇලෝ බ්ලැක් තෙදින සංචාරයක් සඳහා අද පෙරවරුවේ මෙරටට පැමිණියා.

විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඇලෝ බ්ලැක් මහතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබුවා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ ඇලෝ බ්ලැක් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවෙකු වීම සිය අපේක්ෂාව වන බවයි.

අමෙරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින බොහෝ ආයෝජකයින් සමඟ තමන්ට සමීප සම්බන්ධතා පවතින බවත්, ශ්‍රී ලංකාවේ පවත්නා විභවයන් පිළිබඳව ඔවුන් හා කරුණු සාකච්ඡා කිරිමට තමන් අදහස් කරන බවත් ඔහු එහිදී කියා සිටියා.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින දින තුනක කාලය තුළ ඔහු දේශීය ව්‍යවසායකයින් සහ කලාකරුවන් හමු වෙමින් සංස්කෘතික හා විද්‍යාත්මක ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගිතාවන් වර්ධනය කර ගැනිමට අපේක්ෂා කරනවා.