සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් මෙම වසර තුළ අවසන් කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
එහිදී වතු ක්ෂේත්‍රයේ පාසල්වලට විශේෂ අවධානයක් යොමු කරන බවද අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙම විවාදයට එක් වුණා.
එහිදී ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.
විවාදයට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.