නාඋල - ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව, මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ග සංඥා කණුවක ගැටී, යෝධ ඇළට පෙරළී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මියගොස් තිබෙනවා.
එම අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරින් මියගිය රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර මියගිය කාන්තාව හා තුවාලකාරිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මවක් සහ දියණියක් බවට අනාවරණය වී තිබෙනවා.
ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමේ ලේඛන කිසිවක් හමුවී නොමැති බවයි පොලීසිය පැවසුවේ.
මෘත ශරීර බකමූණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බකමූණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.