පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ බලයලත් නියෝජිතයත් පත්කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව මෙම මස 3වනදා නාමයෝජනා දැන්වීම පළකළ පළාත් පාලන ආයතන 336ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ, බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි මාර්තු 14වනදාට පෙ.ව. 8.30ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතුව ඇත.
ස්වාධීන කණ්ඩායම් අදාළ කණ්ඩායම් නායකයා විසින් ඇප මුදල් තැන්පත් කරන අවස්ථාවේදී, අපේක්ෂකයන් අතුරින් යම් තැනැත්තකු එම කණ්ඩායමේ බලයලත් නියෝජිතයා ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසම විසින් නිකුත්කළ නිවේදනය පහතින්