විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රේගු නිලධාරීවරයෙකු ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන ආ ප්‍රධන ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකවරයා ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
සැකකරුවන් ගමන් මලු 05ක් රැගෙන විත් තිබූ අතර, ඒවා තුළ එම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 60,000ක් අඩංගු දුම්වැටි කාටුන් 300ක් සඟවා ගෙන තිබූ බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් අනූ ලක්ෂයක් පමණ වන බවටද අනාවරණ වී තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති තිදෙනාම ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක්.