Thursday, March 13, 2025

General line - 0115112241

දේශබන්දු ළඟදීම අල්ලනවා - ආණ්ඩුවෙන් සහතිකයක්



මේ වන විට සැඟවී සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා නුදුරේදීම නීතිය හමුවට පැමිණවීමට හැකි වනු ඇතැයි ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා විශ්වාසය පළ කරනවා.

ඔහු කියා සිටියේ කණ්ඩායම් කිහිපයක් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරනු බවයි.

විමර්ශන ප්‍රමාද කිරීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගි වෙමින්.