Sunday, April 13, 2025

General line - 0115112241

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්



2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා.

ඒ අනුව එම පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් මස පළමුවන අඟහරුවාදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ. 
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මෙම මස 17 වනදා ආරම්භ වනවා.

එම විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් විභාග අපේක්‍ෂකයින් සඳහා ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම හෙට දිනයේද සිදු කෙරෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව හා නුවරඑළිය පළාත් කාර්යාල හෙට උදෑසන 08යි 30 සිට පස්වරු 12යි 30 දක්වා විවෘතව තැබෙන බව හම දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

මේ වන තෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින පාසල් ඉල්ලුම්කරුවන් වේ නම්, ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසි ලෙස සම්පූරණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.