Sunday, April 13, 2025

General line - 0115112241

ඇඹරළුව මාර්ගයේ අරලියගස් දෙක හන්දියදී වෙඩි තැබීමක්



වැලිවේරිය පොලිස් වසමේ ඇඹරළුව මාර්ගයේ අරලියගස් දෙක හන්දිය ආසන්නයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලීසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලීසිය සඳහන් කළා.