විදේශ මත්පැන් බෝතල් 41ක් සහ කරදමුංගු කිලෝ ග්‍රෑම් 25ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින්.
ඉන්දියාවේ කොචින් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති එම පුද්ගලයා ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා, ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදීයි ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
කරදමුංගු ශ්‍රී ලංකාවට අවසරයකින් තොරව ආනයනය කිරිම තහනම් වන අතර, ගුවන් මගියෙකුට විදේශීය මත්පැන් රැගෙන ඒමට අවසර හිමි වන්නේ ලීටර් 2.5ක ප්‍රමාණයක් සඳහා පමණයි.