මූතූර් පොලිස් වසමේ තාහානගර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.
මුතූර් පොලීසිය පැවසුවේ එම කාන්තාවන් දෙදෙනා තියුණු ආයුධවලින් කපා කොටා එලෙස ඝාතනය කර ඇති බවයි.
ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 68 සහ 74 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක්.
එම මෘත ශරීර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය මුතූර් මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතයි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුතූර් පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.