2023, 2024 වර්ෂවලට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මෙම මස 23 වන දා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම විභාගය එදින පෙ.ව 09 සිට ප.ව 12.10 දක්වා පැවැත්වෙනු ඇති.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,683කදී එම සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.
විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වනවිටත් අදාළ පාසල් ප්‍රධානීන් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ.
රජයේ පාසල් හා පෞද්ගලික පාසල්වලට අඅඅගාදැබැඑිගකන යන වෙබ් අඩවිය වෙත පිවිස හෙට දින සිට අදාළ ප්‍රවේශ පත්‍ර බාගත කිරීමට හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.