අප්‍රේල් මස 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී දළදා දැක්ම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.
දැනට සැලසුම් කර ඇති දිනවලදී සැදැහැවතුන්ට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට නොහැකි වුවහොත් මහනා හිමිවරුන්ගේ අවසරය මත දළදා දැක්ම දින කිහිපයකින් දීර්ඝ කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇති බවද මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.