අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය 13 වන දිනය වූ අද දිනයේ විවාදයට ගැණුනු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ තුනෙන් එක් වැය ශීර්ෂයක් සංශෝධන සහිතවත්, අනෙක් වැය ශීර්ෂ දෙක සංශෝධන රහිතවත් සම්මත වුණා.
මෙම විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතායි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉන් අනතුරුව විවාදයට එක් වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විවාදයට එක්වෙමින් අදහස් දැක්වූයේ මෙලෙසයි.
මේ අතර විවාදයේදී මතු වූ කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සහ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න යන මහත්වරුන් අතර මෙවන් සංවාදයක් ඇති වුණා.