Saturday, March 15, 2025

General line - 0115112241

පාසල්වලට සිසුන් ඇතුළත් වීමේ සැලකිය යුතු අඩුවක් ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය



වාර්ෂිකව රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් වීමේ සැලකිය යුතු අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.

මෑත වර්ෂවල උපත් අනුපාතය අඩු වීම දැකිය හැකි වුවද පාසල්වලට සිසුන් ඇතුළත් වීම අවම වීමට බලපා ඇති අනෙකුත් හේතු සම්බන්ධයෙන්ද සොයා බලන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී රවී කරුණානායක මහතා කියා සිටියේ 2015 වසරේදී පළමු ශ්‍රේණියට සිසුන් 421,000ක් ඇතුළත් වූ බවයි.

එය වෙන විට 279,000ක් දක්වා අඩු වීම බරපතල තත්ත්වයත් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.