Saturday, March 15, 2025

General line - 0115112241

දළදා දැක්මට මහනුවර සිදුවන වෙනසක් බුද්ධශාසන ඇමති හෙළි කරයි

කමල් සුරවීර



දළදා දැක්ම පැවැත්වෙන කාලසීමාවේ මහනුවර නගරයට පැමිණෙන සැදැහැවතුන්ගේ දැනුම වර්ධනයට සඳහා නගරය පුරා සජීවී විකාශයක් ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ දළදා දැක්ම සඳහා මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ මනස සන්සුන් කරන ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.  


මේ අතර දැනට සැලසුම් කර ඇති දිනවලදී සැදැහැවතුන්ට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට නොහැකි වුවහොත් මහ නා හිමිවරුන්ගේ අවසරය මත දළදා දැක්ම දින කිහිපයකින් දීර්ඝ කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.