Saturday, March 15, 2025

General line - 0115112241

ග්‍රෑන්ඩ්පාස්හිදී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කෙරේ



ග්‍රෑන්ඩ්පාස්, ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී අද අලුයම තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

තියුණු ආයුධවලින් පහරදී ඔවුන් දෙදෙනා ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නවලෝකපුර සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම තරුණයන් දෙදෙනා එලෙස ඝාතනය කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.