විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස සුදුසුකම් නොමැති නිලධාරින් ආණ්ඩුව විසින් පත්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 14 වන දිනය වූ අද දිනයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
ඊට අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ පෞද්ගලික ලේකම්වරයා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අදහස් පළ කළා.
එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.
බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙලෙස අදහස් පළ කළා.
මේ, විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ මහත්මිය අතර මෙවන් සංවාදයක් ඇති වුණා.