මුඛ සංසර්ගයේදී හර්පීස් වෛරසය මොළයට ගමන් කළ හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා
එමඟින් මොළයට හානි වීම සහ ඩිමෙන්ශියාව වැනි සංකූලතා ඇති කළ හැකි බවයි ඔවුන් පවසන්නේ
පර්යේෂණයට නායකත්වය දුන් චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දීපක් ශුක්ලා පවසන්නේ ලොව පුරා බිලියන හතරකට ආසන්න ජනතාවක් මුඛ හර්පීස් රෝගයට ප්‍රධාන හේතුව වන HSV-1 වැළඳී තිබෙන බවත් හර්පීස් නොමැති කෙනෙකුට එය වාහකයෙකුගෙන් සම්ප්‍රේෂණය වන වඩාත් පොදු ක්‍රමය වන්නේ ක්‍රියාකාරී තුවාලයක් ස්පර්ශ කිරීම බවයි.
මහාචාර්ය දීපක් ශුක්ලා සඳහන් කර සිටියේ නාසය හරහා හර්පීස් ආසාදනයක් වැළඳිය හැකි එක් ක්‍රමයක් වන්නේ ආසාදිත සහකරුවෙකු සමඟ මුඛ සංසර්ගය බවත් නාසය හරහා ඇතුළු වන මෙම හර්පීස් ආසාදන මොළයේ සෞඛ්‍යයට විශේෂයෙන් විනාශකාරී විය හැකි බවයි.
HPSE යනු මිනිසුන් සහ අනෙකුත් ක්ෂීරපායීන් තුළ දක්නට ලැබෙන සාමාන්‍ය එන්සයිමයක් වන අතර එය අපගේ සෛලවල ආධාරක ව්‍යුහවල කොටසක් වන සීනි වැනි අණු බිඳ දමයි.
මහාචාර්ය ශුක්ලා පැවසුවේ නාසය හරහා හර්පීස් ආසාදනය වූ පුද්ගලයින්ට ඇති බලපෑම් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෙහෙවින් වෙනස් විය හැකි බවත්
ඒවායේ බරපතලකම රඳා පවතින්නේ එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිය කොපමණද යන්න මත බවයි.