අයවැය යෝජනා හරහා සිය දීමනා කප්පාදුවට විසඳුම් ලබාදීමට ආණ්ඩුවෙන් සාධනීය ප්‍රතිචාර නොලැබෙන්නේ නම් ලබන 18 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.
ඒ අනුව එදින පෙරවරු 08.00 සිට පැය 24ක සංඛේත වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බවයි එම සම්මේලනයේ සාමාජික රවී කුමුදේශ් මහතා පැවසුවේ.
කෙසේවෙතත් ගැටළු විසඳීම සඳහා ආණ්ඩුවට සාධාරණ කාලයක් ලබාදීමට වෘත්තීය සමිති කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ.