බිබිල,මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලට අයත් බකිනගහවෙල කුඩා දරුවන්ගේ බර කිරන මධ්‍යස්ථානයට පැමිණි බීමත් පුද්ගලයෙකු පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා
මෙලෙස රාජකාරියට බාධා කර ඇත්තේ පුද්ගලයාගේ දරුවාගේ බර කිරා ගැනීම සඳහා ඔහුගේ බිරිඳ එම ස්ථානයට පැමිණ ඇති අතර ඇය නිවසට යෑමට ප්‍රමාද වීම හේතුවෙන්
ඔහු බීමතින් පැමිණ එම මධ්‍යස්ථානයේ රාජකාරී කළ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට හා අනෙකුත් මව්වරුන්ට අසභ්‍ය වචන පවසමින් බැණ වැදී කලහකාරී ලෙස හැසිරී තිබෙනවා
පසුව කාන්තාවන් හා අවට පිරිස් එක්ව ඔහු එම ස්ථානයෙන් පළවා හැර තිබෙනවා
සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලිසියට හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට එම මොහොතේම පැමිණිලි කිරීමට පිරිස කටයුතු කරන ලදී