සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට නොපැකිළිව කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන් ම සෞඛ්‍ය ආරකෂාව බවත්, මෙම පණිවුඩය තේරුම් ගෙන සියලු සෞඛ්‍ය වෘත්තිකයන් කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රජයත් බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම සෞඛ්‍ය වෘත්තිකයින් සමග සාකච්ඡාකර විසදාගත නොහැකි ගැටලු, ප්‍රශ්න කිසිවක් නොමැති බවත්, ඒ වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක කැපවීමට සූදානම් බව ද අමාත්‍යවරයා පවසා සිටියා
සෞඛ්‍ය වෘත්තිකයින්ට අවශ්‍ය ඕනෑම ගැටලුවක්, ප්‍රශ්නයක් වර්තමාන රජය සමග සාකච්ඡා කර විසඳාගැනීමට හැකියාව ඇති බවත්, එම සාකච්ඡාවලට රජයක් ලෙස ජනතාවගේ පැත්තේ සිට ගෙන විසඳුම් ලබා දෙන්නට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කර සිටියා.