හෙට දිනයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයේ පූර්ව සූදානම පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
විභාග මධ්‍යස්ථාන 3,663ක් මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් ගැටළු පවතින්නේ නම් සුදුසු බලධාරියෙකු හමුවී එම ගැටළු නිරාකරණය කර ගන්නා ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විභාග අපේක්ෂකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.