Sunday, April 13, 2025

General line - 0115112241

අමෙරිකාවට බලපෑ ටොනේඩෝවෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට



අමෙරිකාවේ ගිනිකොණදිග කලාපයට බලපෑ ටොනේඩෝ හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් ගිනිකොණ දිග ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට ටොනේඩෝ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මෙහි වැඩිම බලපෑම මිසූරි ප්‍රාන්තයට එල්ල වී තිබෙන අතර, එහි පමණක් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා 

මෙම ටොනේඩෝවෙන් කැන්සාස්, මිචිගන්, ඉලිනොයිස් ඇතුළු ප්‍රාන්ත රැසකටද හානි සිදුවි ඇති අතර මිචිගන්, මිසුරි ඇතුළු ප්‍රාන්ත පහක ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට විදුලිබලය නොමැති බවයි වාර්තා වන්නේ.

මිසුරි ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර කැන්සාස් ප්‍රාන්තයේ ඇතිවූ දුහුවිලි කුණාටුවක් හේතුවෙන් රථවාහන 55ක් පමණ එකිනෙක ගැටී පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනව් 

තවද මිසිසිපි ප්‍රාන්තයේ පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

අයහපත් කාලගුණයෙන් තවදුරටත් බලපෑම් එල්ලවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.