Sunday, April 13, 2025

General line - 0115112241

බටලන්ද කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනපති රනිල් කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



බටලන්ද කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.


බටලන්ද කොමිෂම පත් කළේ දේශපාලන මඩ ගැසීම් අරමුණු කර ගනිමින් බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.


මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද අදහස් පළ කළා.