උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්නෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 155කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් බොහෝ දෙනා වයස අවුරුදු 14ත් 24ත් අතර පුද්ගලයින් වනවා.
ගින්න ඇතිවන අවස්ථාවේදී සමාජ ශාලාවේ පුද්ගලයන් 1,500ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටි බවද විදෙස් පවසනවා.
කෙසේ වෙතත් එරට රජය පවසන්නේ සංගීත ප්‍රසංගය සඳහා භාවිත කළ පයිරොටෙක්නික් උපාංග නිසා ඇති වූ ගිනි පුපුරු හේතුවෙන් එම ගින්න ඇති වී ඇති බවයි.
අනතුරට පත් වූවන් සඳහා මැසිඩෝනියාවේ අසල්වැසි රටවල් වන බල්ගේරියාව, සර්බියාව සහ ග්‍රීසිය ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.
එම තත්ත්වය හේතුවෙන් එරට දින 07ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම සියලුම සමාජ ශාලා හදිසි පරීක්ෂණයකට ලක් කරන ලෙසටයි එරට රජය දැනුම් දී ඇත්තේ.